Tuesday, November 16, 2010

ලාංකික අපගේ වර්තමාන සංස්කෘතිය


වර්තමානයේ අපගේ සංස්කෘතිය යනු ඉතා සංකීර්ණ අංගයකි. අපට අත්‍යවශ්‍ය අංග වන ආහාර, ඇදුම්, භාෂාව, හැසිරීම ආදිය ගැන අප සැලකීමේදී මේවා ඉතා උච්ච තත්ත්වයකට පත්ව ඇත.

වර්තමානයේ අප සමාජයේ සාරියක්, ළමා සාරියක් හැඳ සිටින කාන්තාවක් සොයා ගැනීම ඉතා අපහසු වේ. වර්තමානයේ බොහෝ කාන්තාවන් කලිසමක් හා T-shirt එකක් ඇඳීමට පුරුදු වී සිටී. සාරිය අද මගුල් ගෙවල් ආදී උත්සව සදහා පමණක් සීමා වී තිබේ. එසේම පිරිමි අතර ටයිකෝට් පැලඳීම අවශ්‍යතාවයක් වී ඇත. එසේ නොවුනහොත් ඔවුන් සමාජයේ අවතක්සේරුවට ලක් වේ.

එසේම ගැමි ආහාර ගැනීමට බොහෝ පිරිස් කැමැත්තෙන් සිටියද ඒ සදහා කාලය හරස් වී ඇත. තවද ඒ සඳහා නිසි ස්ථානයක් නොමැත. එබැවින් බොහෝ පිරිස් ක්ෂණික ආහාර සදහා යොමු වී ඇත. මෙය අද අපගේ සංස්කෘතියේ එක් අංගයක් වී ඇත.

තවද සංගීතය පිළිබඳව සැලකුවද අතීතයට සාපේක්ෂව එය බොහෝ වෙනස් වී ඇත. අද සිටින බොහෝ පිරිස් ඇසීමට කැමැත්තක් දක්වන්නේ වේග රිද්ම සංගීතයටය. ශාස්ත්‍රීය සංගීතය අසන පිරිස බොහෝ අතලොස්සකි. එබැවින් මෙම සියලු කොටස් ලාංකීය සංස්කෘතියේ ලක්ෂණ වේ.

0 comments:

Post a Comment