Tuesday, November 16, 2010

අපගේ සංස්කෘතිය කුමක් ද?


වර්තමානයේ අප මෙම ප්‍රශ්නය යම් පුද්ගලයකුගෙන් ඇසුවහොත් කිසිවෙකුට නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වේ.එයට හේතුව කුමක් ද? එයට ප්‍රධාන හේතුව වන්නේ අපගේ සමාජයේ සිටින විවිධ ජන කොටස්වල සංස්කෘතික අංග පිළිබද එකිනෙකා දැනුවත් වී නොසිටීමයි.

උදාහරණයක් ලෙස එක් ජන කොටසක පුද්ගලයන්ගේ තිබෙන ගතිගුණ පිලිබද අනෙක් ජන කොටස් වල පුද්ගලයන්ට අවබෝධයක් නොමැති වීම වේ. එසේම එම ජන කොටස් අතර අන්‍යොන්‍ය බැදීමක් නොමැති වීම බොහෝ ගැටුම්කාරී තත්ත්වවලට හේතු වී ඇත. එසේම මෙම ජනවාර්ගික ප්‍රශ්න බොහෝමයක් ගොඩ නැගෙන්නේ අනෙක් ජන කොටස්වල තිබෙන අංගවලට ගරු නොකිරීම නිසාය.

එබැවින් මෙම තත්ත්වය නැති කිරීමට නම් අප විසින් විවිධ ජන කොටස්වල සංස්කෘතික අංග එක්තැන් කිරීමට හැකි අයුරින් ක්‍රමයක් සකස් කල යුතුය. ඒ සදහා අප විසින් ද යම් කාර්යයක් කල යුතුය. ඒ නිසා අපද අප විසින් කල යුතු වැඩ කොටස සිදු කරමු.    

0 comments:

Post a Comment