Tuesday, November 16, 2010

ලාංකික අපගේ වර්තමාන සංස්කෘතිය

0comments
වර්තමානයේ අපගේ සංස්කෘතිය යනු ඉතා සංකීර්ණ අංගයකි. අපට අත්‍යවශ්‍ය අංග වන ආහාර, ඇදුම්, භාෂාව, හැසිරීම ආදිය ගැන අප සැලකීමේදී මේවා ඉතා උච්ච තත්ත්වයකට පත්ව ඇත.

වර්තමානයේ අප සමාජයේ සාරියක්, ළමා සාරියක් හැඳ සිටින කාන්තාවක් සොයා ගැනීම ඉතා අපහසු වේ. වර්තමානයේ බොහෝ කාන්තාවන් කලිසමක් හා T-shirt එකක් ඇඳීමට පුරුදු වී සිටී. සාරිය අද මගුල් ගෙවල් ආදී උත්සව සදහා පමණක් සීමා වී තිබේ. එසේම පිරිමි අතර ටයිකෝට් පැලඳීම අවශ්‍යතාවයක් වී ඇත. එසේ නොවුනහොත් ඔවුන් සමාජයේ අවතක්සේරුවට ලක් වේ.

එසේම ගැමි ආහාර ගැනීමට බොහෝ පිරිස් කැමැත්තෙන් සිටියද ඒ සදහා කාලය හරස් වී ඇත. තවද ඒ සඳහා නිසි ස්ථානයක් නොමැත. එබැවින් බොහෝ පිරිස් ක්ෂණික ආහාර සදහා යොමු වී ඇත. මෙය අද අපගේ සංස්කෘතියේ එක් අංගයක් වී ඇත.

තවද සංගීතය පිළිබඳව සැලකුවද අතීතයට සාපේක්ෂව එය බොහෝ වෙනස් වී ඇත. අද සිටින බොහෝ පිරිස් ඇසීමට කැමැත්තක් දක්වන්නේ වේග රිද්ම සංගීතයටය. ශාස්ත්‍රීය සංගීතය අසන පිරිස බොහෝ අතලොස්සකි. එබැවින් මෙම සියලු කොටස් ලාංකීය සංස්කෘතියේ ලක්ෂණ වේ.

අපගේ සංස්කෘතිය කුමක් ද?

0comments
වර්තමානයේ අප මෙම ප්‍රශ්නය යම් පුද්ගලයකුගෙන් ඇසුවහොත් කිසිවෙකුට නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වේ.එයට හේතුව කුමක් ද? එයට ප්‍රධාන හේතුව වන්නේ අපගේ සමාජයේ සිටින විවිධ ජන කොටස්වල සංස්කෘතික අංග පිළිබද එකිනෙකා දැනුවත් වී නොසිටීමයි.

උදාහරණයක් ලෙස එක් ජන කොටසක පුද්ගලයන්ගේ තිබෙන ගතිගුණ පිලිබද අනෙක් ජන කොටස් වල පුද්ගලයන්ට අවබෝධයක් නොමැති වීම වේ. එසේම එම ජන කොටස් අතර අන්‍යොන්‍ය බැදීමක් නොමැති වීම බොහෝ ගැටුම්කාරී තත්ත්වවලට හේතු වී ඇත. එසේම මෙම ජනවාර්ගික ප්‍රශ්න බොහෝමයක් ගොඩ නැගෙන්නේ අනෙක් ජන කොටස්වල තිබෙන අංගවලට ගරු නොකිරීම නිසාය.

එබැවින් මෙම තත්ත්වය නැති කිරීමට නම් අප විසින් විවිධ ජන කොටස්වල සංස්කෘතික අංග එක්තැන් කිරීමට හැකි අයුරින් ක්‍රමයක් සකස් කල යුතුය. ඒ සදහා අප විසින් ද යම් කාර්යයක් කල යුතුය. ඒ නිසා අපද අප විසින් කල යුතු වැඩ කොටස සිදු කරමු.    

Sunday, November 14, 2010

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය (Sri Lankan Culture)

0comments
ශ්‍රී ලාංකීය සංස්කෘතිය සංස්කෘතීන් කිහිපයක එකතුවකි. (සිංහල සංස්කෘතිය, දමිළ සංස්කෘතිය, මුස්ලිම් සංස්කෘතිය, ඉන්ග්‍රීසි සංස්කෘතිය, වැදි සංස්කෘතිය, හා වෙනත් සංස්කෘතීන් ). මීට අවුරුදු සිය ගණනකට පෙර ශ්‍රී ලංකාවේ තිබුණේ වැව් සංස්කෘතියකි. දැන් ඊට බෙහෙවින් වෙනස් ය. එයට ගෝලීයකරණයද බලපා ඇත. නොයෙකුත් බටහිර රටවල් වලින් පැමිණි දේවල් අප සංස්කෘතියට එක් වී ඇත. සංස්කෘතිය කලින් කලට වෙනස් වීම සාමාන්‍ය දෙයකි. අනාගතයේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය මීටත් වඩා බෙහෙවින් වෙනස් වනු ඇති. අප ඉදිරියේදී ශ්‍රී ලාංකීය අතීත සංස්කෘතිය, වර්තමාන සංස්කෘතිය, හා අනාගත සංස්කෘතිය පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරමු.
(Sri Lankan culture is a mixture of many cultures such as Sinhala culture, Tamil culture, Muslim culture, English culture, Serius culture, etc. Today our culture is so different than earlier because of the globalization and many things. A lot of things has been added to our culture from European countries. Culture change is a general thing. In the future also, our culture will be definitely changed. We will talk more about our past culture, present culture, and future culture later. )

Friday, November 12, 2010

සංස්කෘතියේ ඉතිහාසය (History of Culture)

0comments
විශ්වයේ අනන්ත අප්‍රමාණ සංස්කෘතීන් අතරින් අප පෘථිවියේ සංස්කෘතිය ආරම්භ වනුයේ මීට වසර බිලියන ගණනකට ඉහතදීය. නූතන සංස්කෘතියට වඩා නොදියුණු සංස්කෘතීන් මෙන්ම ඉන් ඔබ්බට ගිය අති උත්තරීතර සුපිරි සංස්කෘතීන්ද පෘථිවිය මත කලින් කල බිහි විය. මෙවැනි සංස්කෘතීන් බිහිවීමට බලපා ඇත්තේ පරසක්වල සුපිරි සභ්‍යත්ව වාර්ගිකයින්ගේ ආගමනයන් සහ ඔවුන්ගේ ශිෂ්ටාචාරය පෘථිවිය මත බිහි කිරීමත් ය. සංස්කෘතීන් වල පරිහානියට තාරකා යුදමය තත්ත්වයන් සහ ස්වාභාවික විපත් හේතු වී ඇත.
(There are infinity cultures in the universe. The culture of the Earth has been started billions of years ago. There were both super cultures and poor cultures period to period. Super cultures has begun with alien visits. They has created their own colonies on the earth. But many cultures has been destroyed by star wars and natural incidents.)
පරසක්වල සුපිරි සභ්‍යත්ව වාර්ගිකයින්ගේ ආගමනයන්
ලෝකයේ විවිධ දේශයන් හා ප්‍රදේශයන් වල සංස්කෘතීන් වෙනස්ය. මෙයට හේතු වී ඇත්තේ විවිධ තාරකා මණ්ඩල වලින් පැමිණි සභ්‍යත්ව වාර්ගිකයන් මෙලොව තම ශිෂ්ටාචාරයන් බිහි කිරීමය. එබැවින් ඔවුන්ගේ ශරීර ස්වභාවය, හැකියාවන්, ආකල්ප, ආගම්, හැසිරීම් රටා වැනි දෑ එකිනෙක වෙනස් ය. (යුරෝපීයයන්, ජපන් ජාතිකයන්, දකුණු ආසියානුවන්). මේ සඳහා දේශගුණික වෙනස්වීම්ද සුළු වශයෙන් බලපා ඇත.
(Culture is different country to country because aliens from many stars has created their generation in many places on the earth. Therefore, their body language, abilities, thinking, religions, behaviors are different each other. Climate has also affected a bit for those changes. )


Thursday, November 11, 2010

මොකද්ද මේ සංස්කෘතිය කියන්නෙ? (What is culture?)

1 comment
කෙටියෙන් පැවසූ කල, සංස්කෘතිය යනු මිනිසාගේ ආශාවන් ලේසියෙන් හා පහසුවෙන් ඉටුකර ගැනීමට සහ සමාජයේ යම් යම් ගැටලු නිරාකරණය කරගැනීම සඳහා සකසාගත් සිරිත් විරිත් පද්ධතියකි. මෙය හුදෙක් නීති මාලාවක් නොව මිනිසා විසින් සිදු කෙරෙන යම් ක්‍රියා මාලාවකි. මෙය යම් කෙනෙක් කඩ කරන්නේද ඔහු හෝ ඇය සමාජයේ හාස්‍යයට බඳුන් වේ. ලෝකයේ එක් එක් දේශයන් හා ප්‍රදේශයන් වල සංස්කෘතීන් එකිනෙක වෙනස් ය. මෙම වෙනස් වීමට බලපාන කරුණු 2ක් ඇත. එනම් කාලය හා අවකාශයයි.
(In less words, culture stands for a system made by human in order to fulfill their needs simply and solve the  social problems. Culture is not laws but actions done by human. If someone is not following it, it will become a strange to the society. Culture is different in different places around the world. There are 2 things which affects for the change of culture. They are time and space. )

1. කාලය (Time)
විශ්වයේ එක්තරා ස්ථානයක් ගත් කල, කාලයට සාපේක්ෂව එම ස්ථානයෙහි වසන සභ්‍යත්ව වාර්ගිකයන්ගේ සංස්කෘතිය වෙනස්වීමකට භාජනය වේ. එයට දේශගුණික විපර්යාස, තාක්ෂණයේ මහිමය, සමාජ විපර්යාස, දේශපාලනික විපර්යාස, වෙනත් සභ්‍යත්ව වාර්ගිකයින්ගේ සම්මිශ්‍රණයන් වැනි දේවල් බලපායි.
(A culture of a society at a one place in the universe, is changing through the time. It is affected by climate changes, technological development, society changes, political changes, mixing with aliens, etc.)

2. අවකාශය (Space)
එකම කාලයක් ගත් කල, විශ්වයේ එක් එක් සභ්‍යත්ව වාර්ගිකයන්ගේ සංස්කෘතීන් ස්ථානය අනුව වෙනස් වේ. ග්‍රහලෝක දෙකක් ගත් කල එහි ජීවීන්ගේ සංස්කෘතීන් හාත්පසින්ම වෙනස්ය. එකම ග්‍රහලොව තුළද ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංස්කෘතීන් වෙනස්ය. මේ සඳහාද ඉහත කී විපර්යාස බලපායි.
(A culture is changing place to place in the universe, in one time. As an example: There is a very big difference between two cultures in two planets. Even in one planet, culture is different place to place. It is also affected by above mentioned things. )

අපි සංස්කෘතිය ගැන තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමු. (We will talk more about culture later.)